තොරතුරුවල මුලික තැනුම් ඒකක සහ ගති ලක්ෂණ විමර්ශනය.
තොරතුරු සහ සන්නිවේදන තාක්ෂනය මුලික සංකල්පය යන පළමු ඒකකයේ ඇති විෂය කොටස් හැදෑරීමෙන් සිසුන් ලබාගතයුතු ප්‍රවිනතවයේ අභිමත්රත්‍යය වන්නේ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ භාවිත දන තිබෙන දැනුම මුලික සමාජයේදී යොදාගන්න ආකාරය , එහි සමාජ භූමිකාව සහ එහි උචිත භාවිතව අවබෝධ කර ගැනීමයි
දත්ත
තොරතුරු වල මුලික තැනුම් ඒකකය දත්තයි. දත්ත යනු මොනවද?
· අවිධිමත් අර්ථ රහිත් සහ අස්න්විදිත අංග සමුහයක් දත්ත ලෙස හදුන්වයි.
· දත්ත සැමවිටම සැකසීමකට භජනය නොවූ ඒවාය එමෙන්ම අර්ථවත්බවින් අඩුය.
· දත්ත විවිදකාරයෙන් පැවතිය හැක . ඇතැම් දත්ත ප්‍රයෝජනවත් වුවත් ඇතැම් දත්ත ප්‍රයෝජනවත් නොවේ.
· තොරතුරු සකස් කර ගන්නට යොදාගන්න අමුද්‍රවය වන්නේද දත්තයි.
· දත්ත අකුරින් ලියා තිබිය හැක. එමෙන්ම රූපමය ආකාරයන්, වීඩියෝ පට ආකාරයෙන්ද චලන රුප අකරය්ර්න් මෙන්මශ්‍රාවය ආකාරයෙන්ද තිබිය හැක.
මෙම දත්ත වල ස්වභාවය (nature of data) මෙසේය
· දත්ත එක්රැස් කරගෙන ගබඩා (storage) කල හැක.දත්ත ගබඩා කර ඇති මාධ්‍යකින් (storage medium) නැවත ලබාගත් හැක.
· දත්ත සන්නිවේදනය (communicate) කල හැක.
· දත්ත සැකසීමට (process) පුළුවන.
පන්තියක සිටින ළමයින්ගේ විස්තර සටහන් දත්ත සදහා උදාහරණයකි. මෙහිදී ළමයින්ගේ විස්තර සටහන් කරතබා ගන්නේ නම වයස උපන්දිනය යනාදී වශයෙනි. එහිදී එම නම හෝ වයස වනි විස්තරයක් වෙනම ගත විට එයින් ඇති ප්‍රයෝජනයක් නැත.
දත්ත වල රූපමය උදාහරණයක් ලෙස සතකුගේ හෝ ස්ථානයක රුපයක් දැක්විය හැක. එවැනි එක්රුපයක් බලා කෙනෙකුට සත්තු යනු කවරහුද යන්න ගැන හෝ ස්ථානයක් යනු කුමක්ද යන්න ගැන හෝ අවබිධයක් ලබා ගත නොහැක.
එමෙන්ම චිත්‍රපටයක සංස්කරණය නොකළ පටයක් ද අයත් වන්නේ දත්තවලටය. ශ්‍රාවය ආකාරයේ දත්ත වලට මාධ්‍යවේදියකු පටිගත කරගන්නා හඩ පටයක ගීත සැකසීමට යොදා ගන්නා විවිද හඩ පට අදීය දැක්විය හැක.
දත්ත වර්ගීකරණය
ප්‍රමාණාත්මක දත්ත සහ ගුණාත්මක දත්ත ලෙස දත්ත වර්ග දෙකකි. ඒවා පිළිබද විස්තර මෙසේය.
ප්‍රමාණාත්මක දත්ත (quantitative data)
සංඛ්‍යාත්මකව ඉදිරිපත් කරන මෙම වර්ගයට අයත්වෙයි. මේ ආකාරයේ දත්ත නියත අගයන් වලින් හෝ වෙනස් වන අගයන්වලින් වුවද ඉදිරිපත් කිරීමට පුළුවන. මේවයේ පොදු ලක්ෂණ මෙසේය.
· එකතු කිරීම, අඩුකිරීම, වැඩිකිරීම සහ බෙදීම වැනි අංක ගණිතමය ක්‍රියා කළ හැක.
· ස්න්කයත්මකව අනුපිලිවෙලට සැකසිය හැක.
· සංඛ්‍යා විද්‍යාත්මකව සැකසිය හැක.
ගුණාත්මක දත්ත (qualitative data)
සංඛ්‍යාත්මකව ඉදිරිපත්කල නොහැකි දත්ත අයත් වෙන්නේ ගුණාත්මක දත්තවලටය. ඒ අනුව හැඩතල, වර්ණ, ශබ්ද යනාදීය ගුණාත්මක දත්තය.
තොරතුරු
අර්ථවත් අයුරින් සකස් කළ දත්ත සමුහය තොරතුරකි. මේවා අර්ථාන්විත කාර්යයන් සදහා යොදාගත් හැක.පද්ධතියකට දත්ත ඇතුළු කල පසු ප්‍රතිදානය ලැබෙන්නේ තොරතුරු ලෙසය. මෙවා යම්කුට තේරුම්ගත හැකි අයුරින් තිබේ.
තොරතුරුවල ගති ලක්ෂණ
අසංවිධානාත්මකව අසම්පුර්ණව ඇති තෝරතුරු ප්‍රයෝජනවත් නැත. යම දත්ත සමුහයක තොරතුරක් වශයෙන් දැක්වීමට එහි තිබිය යුතු මුලික ලක්ෂණ කිහිපයකි.
· තොරතුරු අර්ථවත් වේ.
· තොරතුරු විස්මය දනවන සුලුය.
· තොරතුරු මගින් පෙර දැනුම ස්ථාවර කරයි.
· තොරතුරු යනු අන්තර් සන්නිවේදන මධ්‍යයකි.
· තොරතුරු කාලීනය. ඒවා තීරණ ගැනීමට උපකාරී වේ.
තොරතුරුවල ගුණාත්මක බව
තොරතුරු වල ගුණාත්මක බවින් ඉහළ වන තරමට ඒවා භිවිතාකර එළැබෙන තිරණ නිවැරදි බවන් ඉහළය. තොරතුරුවල ගුණාත්මක බව මනින්නෙ පහත දක්වා ඇති මාතෘකා සංතෘප්ත කරන තරමටය.
· තොරතුරු එය උවමනා වන කාර්යට අදාල විය යුතුය.
· තොරතුරු පරිපුර්න විය යුතුය.
· තොරතුරු නිවැරදි විය යුතුය.
· තොරතුරු පැහැදිලි විය යුතුය.
· තොරතුරු කාලොචිත විය යුතුය.
· තොරතුරු සංනිවේදනය කළ හැකි විය යුතුය.
· තොරතුරු පිරි වැයට සාපෙක්ෂව පයොජනයෙන් වැඩි විය යුතුය. එවම් ඒවා රැස්කර තාබා ගන්නට දරන වෙහෙසට සාපෙක්ෂව ඉන් ලබා ගත හැකා පයොජන වැඩි විය යුතුය.
තොරතුරුවල ප්‍රයොජනය
දිනපතා කරන වැඩ සදහා තොරතුරු ඉතා පයොජනත වෙයි. පුවත් පතක් බැලුවද පුවත් සහා වර්තා වැඩ සටහන් නැරඹුවද අපට ඒවා මගින් ලැබෙනිනෙ තොරතුරුය. මෙවා අපගෙ දැවුම ඩැවි දියුනු කර ගන්නට මෙන්ම යම් යම් තීරණ ගැනිමට ද උපකාරි වෙයි.එමෙන් ම සැලසුම් සැකසීම සදහා සහා පුරොකතනය කිරිම සදහා ද තොරතුරු භාවිතා කරයි. මේවාට අමතරව විනොදාස්වාදයට පාහේ තොරතුරු අවශ්‍ය වේ.
තොරතුරුවල අදාලත්වය
තොරතුරුවල අදාලත්වය පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙන්ම විවිධ ආයතනවල හැටියටද වෙනස් වෙයි. කොටස් වෙළදපොළ පිළිබද තෛරතුරු සාමන්‍යපුද්ගලයෙකුට අදාල නොවුවත් කොටස් වෙළදපොලෙහි ගණු දෙණු කරුවකුට අවශ්‍ය වෙයි. එමෙන්ම යම්කිසි රාජ්‍ය හො පෞද්ගලික ආයතනයක් ගතහොත් ඒවායෙ ඉහළ මට්ටමෙ නිළධාරින්ට ඔවුන්ගෙ කටයුතු වලදි අවශ්‍ය තොරතුරු පහළ මට්ටමෙ සේවකයන්ට අවශ්‍ය වන්නෙ නැත.
දත්ත සහා තොරතුරු නිර්මාණය, බෙදාහැරිම සහ කළමනාකරණය සදහ තාක්ෂණයෙ අවශ්‍යතාව.
ඔනෑම පද්ධතියක තොරතුරු සැකසිම හස්ත ක්‍රමය සහා ස්වයංක්‍රිය ක්‍රමය යන ක්‍රම දෙකෙන් ඒකකින් කළ හැක. ඒවා පිළිබද විස්තර මෙසේය.
හස්ත ක්‍රමය
දත්ත රැස්කිරිම, ගබඩා කිරිම, සැකසිම, තොරතුරු ලබා ගැනිම වැනි සියලු කාරිරිර්යන් මිනිස් ශ්‍රමය උපයොගිකරගෙන කිරිම හස්ත ක්‍රමය ලෙස හැදින්වේ. මේ සදහා කඩදාසි පෑන් පැන්සල් වැනි දෑ යොදා ගනු ලබයි. දරු උපතක විස්තර සටහන් කර උප්පැන්න සහතිකයක් සැකසිම නිදසුනකි. එහි ඇති සියලු දත්ත පෑන් සහ කඩදාසි භාවිතාකර ගත් ඒවාය. පසුව එවා ෆයිල් කවරවල රුවා රාක්ක මත ගබඩා කර තබනු ලබයි. නැතහොත් ලාච්චුවල බහා තබයි. හස්ත ක්‍රමයෙදි තොරතුරු සැකසිමට යොදා ගන්නේ මිනිස් මොළයේ බලයයි. යන්ත්‍ර බලය නොවේ.
ස්වයංක්‍රිය ක්‍රමය
පරිගණක උපයෝගි කරගෙන දත්ත සැකසිම මෙනමින් හැදින්වේ. මේ සදහා පරිගණක දෘඩාංග, මාදුකාංග, දත්ත සමුදායන් යනාදීය උපයොගි කරගනී. මෙහිදී තොරතුරු සුකසිමෙ කාර්ය කරන්නෙ මිනිස් මොළයේ බලයෙන් නොව පරිගණකයෙ බලයෙනි. එනම් තොරතුරු සැකසිම ස්වයංන්‍රියය. බැංකු ගිණුම් පිළිබද තොරතුරු පාස් පොතෙහි සටහන් කිරිම මෙවැන් ස්වයංක්‍රිය වැඩකි. හස්ත ක්‍රමය සමග ස්වයංක්‍රිය ක්‍රමය සැසදිම මෙසේය. ස්වයංක්‍රිය ක්‍රමය වඩා වාසිදායක බව ඉන්පෙනේ.
හස්ත ක්‍රමය
|
ස්වයංක්‍රිය ක්‍රමය
|
නිවැරදි බව අඩුය.
|
නිවැරදි බවින් වැඩිය.
|
වේගය අඩුය.
|
වේගය වැඩිය.
|
මිනිස් ශ්‍රම යෙදවුම වැඩිය.
|
මිනිස් ශ්‍රමය අඩුය.
|
විශ්වාසීබව අඩුය.
|
විශ්වාසීබව වැඩිය.
|
දත්ත සහ තොරතුරු ගබඩා කිරීමට වැඩි ඉඩක් අවශ්‍ය වේ.
|
දත්ත සහ තොරතුරු ගබඩා කිරීමට වැය යන්නෙ අඩු ඉඩකි.
|
තොරතුරුවල ගුණාත්මක බව අඩුය.
|
තොරතුරුවල ගුණාත්මක බව වැඩිය.
|
තොරතුරුවල නිමාව අඩුය.
|
තොරතුරු ඉහළ නිමාවකින් යුක්තය .
|
අවශ්‍ය තොරතුරු නැවත ලබා ගැනීම අපහසුය.
|
ඉක්මනින අවශ්‍ය කරන තොරතුරු සොයා ගත හැක.
|
මහන්සිය මෙන්ම වියදමද වැඩිය.
|
මහන්සිය මෙන්ම වියදමද අඩුය.
|
එදිනෙදා ජිවිතයෙදි තොරතුරුවල වැදගත්කම.
තාක්ෂණික සහ සමාජිය දියුණුවත් සමග අපගේ අවශ්‍යතා වැඩිවී මෙන්ම සංනිර්ණවීද තිබේ. අතිතයෙදී මිවිසා කටයුතු කරන ලද්දේ තම ප්‍රදේශයෙ වෙසෙන ජනතාව සමග පමණි. එහෙත් දැන් අපි පුලුල් සමාජයක් සමග කටයුතු කරනුනෙමු. අන්තර්ජාලය හරහා රයවල් අතරද ගණු දෙණු කරන්නෛ වෙමු. මේ වැඩ වලදී නෙයෙක් තොරතුරු අවශ්‍යවේ. එන්සා දැන තිරණ ගැනිම වඩාත් සාර්ථක කර ගන්නට අවශ්‍ය තොරතුරු ඉක්මනින් සහ න්වැරදිව ලබා ගත යුතුව තිබේ. මෙසේ නිතර අවශ්‍ය වෙන තොරතුරු මාදිලි මෙසේය.
· රැකියාවල වෘත්තිය කටයුතුවලට අදාල තීරණ ගන්නට අවශ්‍ය තොරතුරු.
· අසනීපවලට ප්‍රතිකාර ගන්නට අවශ්‍ය වෛද්‍යවරු සහ රෝහල් පිළිබද තොරතුරු.
· භාණ්ඩ මිලට ගන්නට අවශ්‍ය වේළදපෛළ තොරතුරු.
· ඉගොනගැනිම සදහ අවශ්‍ය තොරතුරු.
· ගමනා ගමන සදහ ගුවන් සහ දුම්රිය ටිකට් පත් වෙන් කරගැනිම.වාහන තදබදය දැන ගැනිම වැනි තොරතුරු .
· කාලගුණික තොරතුරු.
· විනොදාත්මක කටයුතු සදහ චිත්‍රපට , නාට්‍ය අදිය ප්‍රදර්ශන අදාළ තොරතුරු.
· පුරාවිද්‍යාත්මක කටයුතු සදහ පුරාවස්තු සහ සේල් ලිපි වැනි දේ පිළිබද තොරතුරු.
මෙම තොරතුරු ලබා ගන්නට නවීන මිනිසාට තොරතුරු තාක්ෂණය විශාල වශයෙන් පහසුකම් සලසා දේ ඊට නිදසුන් කිහිපයක් මෙසේය.
· රැකියාවල වෘත්තිය කටයුතු වලට අදාල තීරණ ගන්නට වීඩියො සංවාද පැවැත්විම ඊමෙල් වැනි සේවා ඔස්සේ තොරතුරු හුවමාරු කිරිම කල හැකිය.
· අන්තර්ජාලය හරහා වෙලදපොළ තොරතුරු ලබා ගෙන ඒවා ඔස්සෙ මාර්ගස්ථව (online) භාණ්ඩ ගැනීම කළ හැකිය.
· බැංකු,රක්ෂණ සහ ලිසිං වැනි සේවාන්වලට අදාළ තොරතුරු අන්තර්ජාලය මගින් හො දුරකථනය මගින් ලබා ගෙන එම සේවා කරගතහැක.
· වෛද්‍යවරුන් හමුවිමට වේලාව වෙන් කර ගැනිම, වෛද්‍ය පරක්ෂනණ කර ගැනිමට වේලාව වෙන් කර ගැනිම වැනි වැඩ කරගන්නට මෙම අන්තර්ජාලය හා දුරකථන භාවිතා කළ හැක.
ඉලෙක්ට්‍රොනික තාක්ෂණයෙ ප්‍රයොජන
පරිගණක තාක්ෂණයෙ දියුනුවත් සමග වෙනත් බොහො ක්ෂේත්‍ර පරිගණක තාක්ෂණයත් සමග අනුබද්ධවවිශාල ද්යුණුවත් ලබා ගති. එසේම ඉලෙක්ට්‍රෝනික මෙන්ම වෙනත් තාක්ෂණ දියුනුවිමට පරිගණක තාක්ෂණය ඉවහල්වි ඇත. ඉන් කිහිපයක් ගැන විස්තර මෙසේය.
කලින් ඇනලොග් ආකාරයෙන් තිබුණු දුරකතන, ඔරලොසු, කැමරා, රුපවාහිනි යන්ත්‍ර වැනි බොහො උපකරණ ඩිජිටල් තාක්ෂණයට අනුව නිපදවා කර ඇත.
3G හා 4G යනා දි තාක්ෂණ යොදාගෙන Broadband ක්‍රමයට අන්තර්ජාල පහසුකම් ලබාදෙයි. කලින් තිබුනෙ කෙබල් සම්බන්ධතා හරහා අන්තර්ජාල ලබදෙව ක්‍රමය බව අප දනිමු.
· ජිපිඑස් තාක්ෂණය, අන්තර්ජාල සම්බන්ධතාව ලබා ගැනිම වැනි වැඩ වලට චන්ද්‍රකා තාක්ෂණය යොදාගැනේ. මෙ සමග කලින් විශෙෂ විද්‍යාත්මක උපකරණයක් වු චන්ද්‍රිකාවද සාමාන්‍ය සන්නිවේදන උපකරණයක් බවට පත්වි තිබේ.
· ආරක්ෂක කැමරා පද්ධති වැනි ආරක්ෂක උපකරණ දැන් ගෙදර දොර සාමාන්‍ය උපකරණයකි. මේවා දැන් තිබේන තතත්වයට දියුණු වි තිබේන් නෙද පරිගණක තාක්ෂණය නිසාය.
· දැන් තිබේන මෝටර් රථවල ක්‍රියාකාරිත්වය පරිගණක මගින් පාලනය කෙරේ. එම මෝටර් රථවල කාර්මික දෝෂසෙවිමටද පරිගණක තාක්ෂණය යොදාගැනෙ. මෙ නිසා මෝටර් රථවල ක්‍රියාකාරිත්වය උසස්වි තිබේනවා පමණක් නොව ඒවායෙ දොෂ සොයාගැනිමද පහසුවි තිබේ.
· වෛද්‍ය පරික්ෂණ කටයුතු පටන් සැත්කම් දක්වා යොදාගන්නා විවිධ තාක්ෂණික උපකරණ පරිගණක තාක්ෂණය භාවිතා කෙරෙකන ඒවාය, එමෙන්ම සිනිපරික්ෂා කිරිම වැනි වැඩ නරගත හැකි පරිගන ගත උපාංග නිවෙස්වලදි සාමාන්‍ය ජනයාට භාවිතා කළ හැකා තරම් සරලව නිපදවා තිබේ.
· ඒටිඑම් යන්ත්‍ර හරහා ගණුදෙනු කිරිම මෙන්ම ක්‍රෙඩිට් කාඩ් හරහා ගණුදනු කිරිමෙ පහසුවද ලැබී තිබෙන්නෙ පරිගණක තාක්ෂණයේ දියුණුවත් සමඟය.
මේ ටික පරිගණක සඟරාවෙන්.....................
Comments
Post a Comment